කැලණි සරසවි බෝඩිමකට මැර ප්‍රහාරයක්


කැලණිය සරසවියේ ශිෂ්‍ය නේවාසිකාගාරයකට අද අලුයම මැර ප්‍රහාරයක් එල්ල විය.

කැලණි සරසවියට කිලෝමීටර් එකහමාරක් පමණ ඈතින් පිහිටි කන්නන්ගර නේවාසිකාගාරයට කඩා වැදුණු මැරයන් සිසුන්ගේ යතුරුපැදි ඇතුළු දේපළවලට ද, ගොඩනැගිල්ලේ ජනලේ, දොරවල්,වීදුරුවලට ද පහරදී ඇත.

එහි ඡායාරූප ගැනීමට ගිය ඡායාරූප ශිල්පීනට එහි ඇතුළු වීමට සරසවි ආරක්ෂකයෝ අවසර නුදුන්හ.

සිසුනට තුවාල සිදුවූ බවක් දැනගන්නට නැත.