කැරැල්ලේ විඩියෝ පොලිසියට දෙන නියෝග


බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ කැරැල්ලේ  සංස්කරණය නොකළ විඩියෝ හා ඡායාරූප  රහස් පොලිසියට බාර දෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රා ප්‍රහර්ෂ රණසිංහ මහතා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයට නියෝග කෙළේය. බොරැල්ල පොලිසියෙන් කළ ඉල්ලීමක් අනුව  මේ නියෝගය කැරිණි. මේ අතර සිරෙන් පැන ගිය බව කියන හය දෙනකු නොවැම්බර් 21 තෙක් රිමන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.