උතුරු, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතන වලදී අද උදෑසන ඇරැඹිණි.
කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා හයවැනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු කඳවුරේ ද උදෑසන සිට ඉතා උනන්දුවෙන් පෝලිම් ගැසී යුද හමුදා සාමාජිකයෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කළහ.
දෙවැනි ලුතිනන් කේ පී සී ඒ ජයශාන්ත මෙහි තේරීම් භාර නිලධාරයා විය.