යාල වන මැද පිහිටි කැබිලිත්ත සියඹලාව දේවාලය වැඳ පුදා ගැනීමට දවසකට අඩු ගණනේ පන්සීයකටත් දහසකට අධික පිරිසක් එති.
ට්‍රැක්ටර් හෝ ජිප් රථ වලින් පමණක් මේ දේවාලයට පිවිසීමේ මාර්ග තුනකි. බුත්තල ගල් ගේ ළඟින් මැණික් ගඟ තරණය කිරීමෙන්ද කොටියාගලින් හා මොනරාගල මාරාවෙන්ද එහි ළඟා විය හැකිය. දුර කිලෝමීටර් තිස්පහක් පමණ ඇත.
කතරගම දෙවියන් වැඩසිටි ස්ථානයක් ලෙස සියඹලාව හැඳින්වේ.
එහි ආරක්ෂාවට කලුබණ්ඩාර දෙවියන්ද වැඩ සිටි බව ජනප්‍රවාදයේ සඳහන්ය.එහි යන එන අය ගෙනෙන පළතුරු කෑමට වල් අලියෙක් පුරුදු වී සිටී.රාජා යනුවෙන් මේ අලියාට නමක්ද දී ඇත.
එම දේවොලට යන අය මස් මාංශ අනුභවයෙන් වැළකී සිටිය යුතු බවත් කාන්තාවන් එහි නොයා යුතු බවත් කියති.
ඊට පටහැනිව යන අයට අතුරු අන්තරා වෙතියිද බොහෝ දෙනකුගේ විශ්වාසයයි.