කැබිලිත්තේ අලියා බෙහෙත් ඉල්ලයි


කැබිලිත්ත සියඹලාගහ දේවාලය අසල සැරිසරන වල්අලියකුගේ පාදයේ ඇති ගෙඩියක් හේතුවෙන් අලියා දැඩි වේදනාවෙන් පසුවෙන බවත් මෙතෙක් කිසිදු ප්‍රතිකාරයක් කර නැති බවත් වන්දනාකරුවෝ කියති. කැබිලිත්ත වන්දනකර ගැනීමට පසුගිය දා පැමිණි වනජීවි ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතාද කඩිනමින් අලියාට ප්‍රතිකාර කරන්නැයි අදාල අංශවෙත උපදෙස් දී ඇත. වෙඩි වැදුණු තුවාල කිහිපයක් ඇති නිසා නිර්වින්දනය කිරීමට සිදුවෙතියි වනජීවි නිලධරයෝ කියති.