කැඳවිමක් ලැබුණොත් කොමිසමට යන්න කබ්රාල් සූදානම්


(සුජිත් හේවාජුලිගේ)

බැඳුම්කර කොමිසම කැඳවීමක් කළහොත් තමා ඕනෑම අවස්ථාවක එහි ගොස් කරුණු දැක්වීමට සූදානම් බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

වෙනත් අය මෙන් හැංගි හැංගී සිටීමට තමාට වුවමනාවක් නැති බවද ඔහු කියයි.

එමෙන්ම කොමිසම විමසන ඕනෑම දෙයකට තමාට උත්තර ඇතැයි ද කබ්රාල් මහතා ලංකාදීපයට පැවසීය. මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී ඇති ආකාරය පිළිබඳ සම්පූර්ණ විග්‍රහයක් කිරීමට තමාට හැකි බවත් මෙතෙක් තමන්ට කොමිසමෙන් කැඳවීමක් නොලැබුණු බවත් ඔහු ප්‍රකාශ කළේය.

බැඳුම්කර කොමිසමේදී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතාගේ හා ඔහුගේ නැගණියගේ නම් සඳහන් වුවත් කොමිසම තවමත් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ක්‍රියාකර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ හා නලින් බණ්ඩාර මහත්වරු පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළහ.