කැකිරාව කවලම්හල්මිල්ලෑවේ දී තරුණියක පැහැරගත් යුද හමුදා සෙබළකු ඇතුළු හත් දෙනකු හොරිවිල ප්‍රාදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය කියයි. ප්‍රේම සම්බන්ධයෙන් හේතුවෙන් මෙම පැහැරගැනීම සිදු කර ඇති බවත් පොලිස් යතුරු පැදිය තරුණිය පැහැරගත් වෑන් රථය පසු පස එනු දුටු සැකකරුවන් එම තරුණිය අතරමග දමා ගියද පොලිස් යතුරු පැදිය ඔවුන් පසුපස හඹාගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහාතා පැවැසීය.

