කාර්යාල දුම්රිය 22ක් අද(04) ධාවනයේ යෙදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ දුම්රිය රියැදුරන් 22 දෙදෙනෙකු සේවයට වාර්තා කර ඇති බවය.
වර්ජනයේ නිරත වූ සේවකයන් සමග අද රැස්වීමක් කැඳවා වැඩිදුර සාකච්ඡා කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.
කෙසේවෙතත් දුර ගමන් සේවා සහ තැපැල් දුම්රිය සේවා තවමත් යථා තත්වයට පත්කර නොමැති බවද ඒ මහතා කීය.
ඊයේ(03)දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරිණි.
(16844)

