ඉන්දු ශ්‍රී ලංකා දෙවැනි අවසන් ක්‍රිකට් තරගය ලන්ඩනයේ කාර්ඩිෆ් ක්‍රිඩාංගණයේ පැවති අවස්ථාවේදී කොටි කොඩියක් රැගෙන පිටියට ආ ලෝගේෂ්වරන් මානිමාරන් හෙවත් මොහාන් රාජ් , මැන්චෙස්ටර් පොලිසිය අත්අඩංගුවට ගෙන නැතැයි රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
හොර ටේලර් කාඩ් මගින් හැටන් නැෂනල් බැංකුවෙන් රුපියල් තුන්කෝටියක් පමණ මුදල් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යවී ඇත.
බැංකුවේ ආරක්ෂක කැමරා ප්‍රබල සාක්කියක් බව පොලීසිය කියයි.
ආනන්ද රූබන් කුලදීපම් හා බාලසුබ්‍රමනියම් උදයනන් යන සෙසු සැකකරුවෝ දෙදෙනා ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.