බෙල්ජියමේ සුපිරි පාපන්දු ක්‍රීඩක ජොනතන් ලේගර් අධික මත්පැන් බී සුඛෝපභෝගී ෆොර්ස් මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව ටොන්ගරේන් නගරයේ වෙළෙඳ සලකට කඩා වැදුණේය. වෙළෙඳ සලට යුරෝ දෙලක්ෂ පනස් දහසක අලාභය ඔහු ගෙවා දැමීමට එකඟ විය. වෙළෙඳ සල අසල තිබු ඉන්දන හලකට තම මෝටර් රථය හැරවීමට උත්සහා කළත් ඉන් පසු සිදුවූ දෙය ගැන තමා බෙහෙවින් කනගාටු වන බව ජොනතන් පවසයි.