කාමරේ පොරෙන් පස්සේ ගහේ පොරයක්


මහනුවර රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් හා හෙද නිලධරයන් අතර  පැවති ගැටුම  අද (16) තවත් ස්වරූපයක් ගත්තේය. වෛද්‍යවරුන්  කිහිප දෙනකු  නිවාස අඩස්සියේ  තබා ගත් බව කියන හෙද නිලධාරීනිය මාරු කළැයි විරෝධය පළ කරමින් හෙද නිලධරයෙක් අඩි අසුවක්  පමණ උස රොබරෝසියා ගසකට නැන්ගේය.

ඔහුගේ ඉල්ලීම වනුයේ හෙද නිලධාරීනිය මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය ඉවත් කරන ලෙසයි.

මෙම දෙපාර්ශවය අතර මුලින්ම අර්බුදය ඇති වුයේ කාමරයක් සම්බන්ධයෙනි.