කාන්තා වැසිකිලියේ කැමරා හැංගුවැයි දොස්තරට නඩු


(උපාලි ආනන්ද)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ගිණුම් අංශයේ  කාන්තා වැසිකිලියේ සී.සී.ටී.වී කැමරාවක් සවි කර කාන්තාවන්ගේ දර්ශන රූ ගත කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සැකකාර වෛද්‍යවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට තරම් අවශ්‍ය කරුණු ඇති බවටත් වෛද්‍යවරයාට එරෙහිව නඩු පවරන ලෙසටත්  නීතිපතිවරයා ලිඛිතව ලබාදී තිබු නීති උපදෙස් අනුව අනුරාධපුර පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශය මෙලෙස නඩු පැවරීය.

සැකකාර වෛද්‍යවරයාට ලබන මස 15 වැනි දා අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි පෙනි සිටින ලෙසටද නියෝග කෙරිණ.

එම සි.සි.ටී වී කැමරාවේ දත්ත කොළඔ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ හදිසි ප‍්‍රතිචාර සංසදයට යවා ඒ සම්බන්ධයෙන් ලබාගත් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.