තිස්ස මඩවල/ සමන්ත විජේසිරි
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ක්‍රිකට් තරගය පැවති ජුනි 20 වැනිදා එංගලන්තයේ කාඩිෆ් ක්‍රිඩාංගනයට කඩා වැදුණු මනිමාරන් සදාසර මුර්තීට (42) කාඩ්ෆ් මහෙස්ත්‍රාත් උසාවියෙන් පවුම් 250 (රුපියල් 50000) ක දඩයක්ද පවුම් 85 (රුපියල් 17000)ක උසාවි ගාස්තුද පවුම් 25(රුපියල් 5000) ක තවත් දඩයක්ද නියම කළේය.මාටින් බ්‍රවුන් විනිසුරු ඔහුට දඩ ගෙවීමට සතියක් කල් දුන්නේය.
නීතීඥ සහාය නැතිව ඔහු උසාවියේ පෙනී සිටියේය.එංගලන්තයේ සරේ ප්‍රදේශයේ පදිංචි ඔහු සමඟ ඉදිරිපත් කළ තවත් හය දෙනෙක් නිවැරදිකරුවන් බව කීහ.
රේගම් කුමාර් බාලචන්ද්‍රම් (23),එස් කාර්තිකේසු (25),තිලක්ෂන් කුලසිංහම් (19), කේ මහේෂ්වරන්(20),එස් නඩරාජා (24), ටී.රත්නම් (31) නිවැරදිකරුවන් බව කී පස් දෙනාය.