ක්‍රෙඩිට් කාඩ් සල්ලි හොරු හතර දෙනෙක් සැකපිට


ප්‍රංශය, කැනඩාව ආදී රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් ශ්‍රී ලංකාවේ දී හොරට හදා බැංකු ටෙලර් යන්ත්‍රවලින් හොරට මුදල් ගත් බව කියන සිව් දෙනෙක් දෙහිවල දී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් අද අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙයින් තිදෙනෙක් උතුරේ පදිංචිකරුවෝය.

අනෙක් තැනැත්තා කොළඹ පදිංචිකරුවෙකි.

දෙහිවල දෙමහල් නිවසක් රුපියල් 55000කට කුලියට ගෙන ඔවුන් හොර ක්‍රෙඩිට් කාඩ් නිශ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇතැයි ද, හොර ක්‍රෙඩිට් කාඩ් 450ක් පමණ අත්අඩංගුවට ගත්තේයැයි ද පොලිසිය පවසයි.