ව්‍යාජ ක්‍රෙඩ්ට් කාඩ් පත් යොදා බැංකු ටෙලර් යන්ත්‍ර මගින් රුපියල් දාහත් ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළැයි කියන පස් දෙනෙක් වැල්ලවත්ත පොලිසිය විසින් දෙහිවල අපොන්සු මාවතේ නිවසකදී සැකපිට අත්අඩංගවට ගනු ලැබුහ.
හොර ක්‍රෙඩ්ට් කාඩ් පත් 500 ක් ද ,ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත සොරා ගන්නා මෘදුකාංග ද සමග මේ පිරිස අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලීසියේ ප්‍රධාන පරීක්ෂක සමරකෝන් බණ්ඩා සහ අපරාධ අංශයේ ප්‍රසන්න නාගහකන්ද යන මහත්වරු මුල් වුහ.
මොවුන් වැඩිපුරම විදේශ ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇති බවත් ,යාපනය කොටහේන හා රාජගිරියේ පදිංචි ඔවුන් නිතර නිතර එතෙර ගොස් ඇති බවත්, ඔවුන් වයස අවුරුදු 24 හා 40 අතර බවත් පොලිසිය කියයි.