ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නායි නුවර පැවත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවළියකට සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමක් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් මත තරගාවලියට සහභාගී නොවී අද දහවල් ආපසු දිවයිනට පැමිණියේය.
පුද්ගලික මට්ටමෙන් පැවැත්වීමට නියමිතව තිබු තරගාවලියක් සඳහා මොවුන් මෙරටින් පිටත්ව ගොස් ඇති අතර ඊයේ(03) රාත්‍රියේ චෙන්නායි ගුවන්තොටුපොළ වෙත ලගා වී ඇති බවත් වාර්ථා වෙයි.
තරගාවලිය අද සිට 07 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්ණයක් මතු වීම නිසා තරගාවලිය පැවැත්වීම සඳහා අදාල ක්‍රීඩාංගනයේ බලධාරීන් අවසර දී නැති බවත් දැනගන්නට ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලධාරියෙකු සනාත කළේ අද 11.20 ට චෙන්නායි සිට පැමිණි ගුවන්යානයකින් ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායක් ආපසු පැමිණ මුත් ඉන්දීය ආගමන විගමන නිලධාරීන් චෙන්නායි ගුවන්තොටුපොළේදී ඔවුන්ට එරටට ඇතුළුවීමට ඉඩ නොදී ආපසු හරවා එවු බවක් ඔවුන් සනාථ නොකළ බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙය ශ්‍රී ලංකා පාසැල් ක්‍රිකට් කණ්ඩායම හෝ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වු චාරිකාවක් නොව පෞද්ගලිකව සංවිධානය කළ චාරිකාවක් බව දැනගන්නට ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා යුධ හමුදා වෙබ් අඩවියේ පළවු පුවතක් නිසා තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනිය වන ජයලලිතා ජයරාම්ට අපහාස වු බව පවසමින් අද චෙන්නායි හි පිහිටි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ජනතාව උද්ඝෝෂණයක් ඇරඹා ඇති බව ඉන්දීය පුවත් වාර්ථා කළේය.

