කළුබෝවිල ළදරු අංශය සතියකින් අරී?


කළුබෝවිල රෝහලේ වසා දමා ඇති නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකය සතියක් ඇතුළත යළි විවෘත කිරීමට හැකියාව ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛi අනිල් ජාසිංහ මහතා කියයි. මීට සති තුනකට පමණ පෙර විෂ බීජයක් ශරීරගතවීම හේතුවෙන් ළදරුවකු මියයාමෙන් පසු වසා දමන ලද මෙම ඒකකය සම්පූර්ණයෙන්ම ජීවානුහරණය කැර ඇතැයි ජාසිංහ මහතා පවසයි. රෝහල් කාර්ය මණ්ඩලය පවසන්නේ කළුබෝවිල රෝහලේ නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකය පමණක් නොව මහාචාර්යවරුන්ගේ ළදරු දැඩි සත්කාර ඒකකය ද වසා දමා ඇති බවයි. මෙම ඒකක වලට ඇතුළත් කිරීමට සිදුවන ළදරුවන් ගාල්ල කරාපිටිය රෝහල, කුරුණෑගල රෝහල වැනි රෝහල් වෙත යොමු කරන බව ද රෝහල් සේවකයෝ පවසති. නමුත් ජාසිංහ මහතා පවසන්නේ කළුබෝවිල රෝහලේ මහාචාර්ය ළදරු දැඩි සත්කාර ඒකකය වසාදමා නැති බවයි.