කළු පෙට්ටියේ විස්තර ගන්න සැරසේ


හෝකන්දරදී අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටියේ දත්ත මෙරටදී කියවා ගත නොහැකි වුවහොත් යුක්රේන විශේෂඥයකු ගෙන්වා ගන්නා බව ගුවන් හමුදා ආරංචි කියයි.

මේ අතර මෙම යානය වැදීමෙන් හානියට පත් නිවාස අලුත්වැඩියා කිරීම අරඹා ඇත. මේ අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ ගුවන් භටයාට කෘතිම ස්වසනය ලබා දීම සඳහා යන්ත්‍රයක් සවිකළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ දොස්තර අනිල් ජාසිංහ කියයි.

මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීමට රුසියා ගුවන් ඉංජිනේරුවරු පිරිසක් අද (14) දිවයිනට පැමිණිමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායමට සහාය දැක්වීමට ස්වේච්ඡාවෙන්ම මේ පිරිස එති.

ඔහු කීවේ පරීක්ෂණ අධිකරණයේ නියෝගය මත මෙම සුන්බුන් රැගෙන යන බවයි.

Still1214_00000 Still1214_00001 Still1214_00004 Still1214_00005 Still1214_00006 Still1214_00007 Still1214_00009 Still1214_00010