කළමනාකරණ නිලධාරීන් පාස්පෝට් කන්තෝරුවට


(යොහාන් භාසුර)

කළමනාකරණ සේවා නිලධාරීන් මාස තුනක කාලයක් සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලුම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය තුළ මේ වන විට පවතින තදබදය පිළිබඳව අවධානය යොමු කර ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට කිලෝමීටර 10 ක දුර තුළ පදිංචි කළමනාකරණ සේවා නිලධාරීන් මෙසේ එම කාර්යාලයට අනුයුක්ත කිරීමට නියමිතය.