කසුප් ඔටුන්න සොයා සීගිරි කැලේ හාරයි


කාශ්‍යප රජතුමාගේ මැණික් ඔටුන්න සොයා සීගිරි පර්වතයට කිලෝමීටර හතරක් ඈතින් පිහිටි මාලිගා කන්ද රක්ෂිතය හාරමින් සිටි සිවුදෙනකුගෙන් එක් අයකු පුපුරන ද්‍රව්‍ය ඇතුළු ආම්පන්න සමග අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති. නිදන් කොල්ලකරුවන් සොයා අද අලූයම හතරට පමණ මින්නේරියේ හා සීගිරියේ වනජීවී නිලධරයන් වැටැලීම කළ බව සීගිරිය අභය භූමිය බාරකරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා කියයි.