
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිති විරෝධී මත්පැන් ජාවාරම්කරුකුගේ නිවස වැටලීමේදී ජාවාරම්කරුගේ බිරිඳ බව කියන කාත්වක් පොලිස් නිලධාරීන්ට පහර දීමට තැත් කර නිවසේ ඇති කරන සුනඛයන් අට දෙනකු පොලිස් නිලධාරීන් වෙත උසිගන්වා සපා කෑමට ලක් කිරීම හේතුවෙන් අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි.
තුවාල ලැබූ සිව් දෙනාගෙන් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක අසංක රාජ කරුණා සහ පොලිස්කොස්තාපල් 96625 මනෝජ් නිලධාරියා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත්ව ඇත
පොලිස් පරීක්ෂක සුදීර හා පොලිස්කොස්තාපල් 83935 ක්‍රිෂාන්ත යන නිලධාරීන්ද සුළු තුවාල ලබා ඇත
මත්පැන් ජාවාරම්කරුගේ නිවසේ තිබී නීති විරෝධී මත්පැන් මිලිලිටර් 1000 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ජාවාරම්කරු සහ සාපරාදී බලහත්කාරය පෑමේ වරදට ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි

