(මහින්ද නිශ්ශංක )
කොහුබත් යනුවෙන් රේගුවට ව්‍යාජ ප්‍රකාශක් ලබා දී ඉරාකයට අපනයන කිරීමට සැළසුම් කර තිබු කසල තේ කිලෝ 3,500 ක් අඩංගු කන්ටේනර් 2 ක් රේගු අවදානම් කළමණාකරණ ඒකකය මගින් කොළඹ වරායේදී අද (31) අත්අඩංගවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා මෙම කසල තේ තොගය මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඉරාකයට අපනයනය කිරීම සඳහා සුදානම් කර තිබූ බවට රේගුව කියයි.
මේ සම්බන්ධව ව්‍යාපාරිකයා ඇතුළු සැකකරුවෝ 6 ක් රේගුව බාරයේ සිටිති.

