අරාබියට අපනයනය කර රුපියල් කෝටියකට වඩා රට සල්ලි උපයාගැනීමේ අරමුණින් ගම්පහ නැදුන්ගමුවේ ගබඩාවක සඟවා තිබූ කසල තේ කිලෝ හතලිස් දහසක් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යාලයය කියයි.
ගම්පහ මහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතාගේ උපදෙස් මත වැටලීම සිදු කැරිණි.
කඩවත පදිංචි පුද්ගලයකු, මහනුවර හා නුවර එළියේ තේකම්හල්වලින් කිලෝවිස්සේ පෙට්ටිවල අසුරා ඉස්තරම්ම ලංකා තේ යනුවෙන් ලේබල අලවා තිබිය දී මේ වැටලීම සිදුවිය.

