අලුත්ගම හා ධර්ගා නගරයේ ඇතිවූ ගැටුම් වැනි අවස්ථා යළි නොවීම සඳහා ආරක්ෂක හමුදා ස්ථාන ගත කිරීමට අද කළුතර දිස්ත්‍රික් කාර්යාලයයේ දී පැවැති රැස්වීමක දී තීරණය වීයැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කියයි.
අගමැති දි මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට ඇමැතිවරු කිහිප දෙනෙක් ද ආරක්ෂක අංශ ප්‍රධානීහු ද පැමිණ සිටියහ.
සන්සුන් වී සාමය රකින ලෙස අලුත්ගම හා ධර්ගා නගරයේ ජනතාවගෙන් බෞද්ධ හා මුස්ලිම් නායකයන් ශබ්ද විකාශන මාර්ගයෙන් ඉල්ලා සිටීමට ද මේ රැස්වීමේ දී තීරණය විය.
මෙවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදෙන අන්තවාදී සුළු පිරිස ගැන සොයා බැලීම හා අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමටත්, ජන කොටස් දෙකේ සුහදතාව වර්ධනය කිරීම සඳහා එම ජන කොටස්හි නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීමටත් සාකච්ඡාවේ දී එකගතාවයට පැමිණ ඇත.

