කරාපිටිය රෝහල පිරික්සන්න යයි
ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් පසු කරාපිටිය රෝහලේදී නව හැවිරිදි දැරියක මියයාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සඳුදා විශේෂ කණ්ඩායමක් රෝහලට යවන බව ජාතික ඖෂධ අධිකාරිය පවසයි. මෙම දැරියගේ මරණයට හේතුවූවා යැයි කියන ප්‍රතිජීවක ඹෟෂධය දිවයිනේ සියළුම රෝහල්වලින් ඉවත්කිරීමට දැනටමත් කටයුතු කැර තිබේ. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ හේමන්ත බෙනරගම මහතා පවසන්නේ දැරියගේ මරණය සම්බන්ධ වාර්තාවක් ද කරාපිටිය රෝහලින් ඉල්ලා ඇති බවයි.

