කරඬුවේ රන් මාලත් සමඟ ‘හිමි නම’ පනී


බුදුන් වහන්සේගේ කේෂ ධාතු තැන්පත් කළ කරඬුවකින් ආසිරි ගන්වා ලීමට යැයි කියමින්  කලවානේ බෝධි පුජාවකදී දෙදෙනකුගෙන් ලබා ගත් රන් මාලද සමඟ හිමි නමක් බව කියන පුද්ගලයකු  ආගිය අතක් නැතැයි බලංගොඩ පොලීසියට පැමිණිලි ලැබී ඇත.

පැවිදි නම් කිහිපයකින් පෙනී සිටිතියි කියන මෙම පුද්ගලයාට තම මවගේ මාලය හා රුපියල් අටදහසක් දුන් බව බලන්ගොඩ සරත් නන්ද සිරි මහතා පොලීසියට පැමිණිලි කැර ඇත.

කලවාන කුකුළේ ජී ජේ චමින්ද මහතාගේ රන් මාලයද වංචා කැර ඇත.තවත් කිහිප දෙනකුගේම රන් මාල ද මෙම පුද්ගලයා විසින් රැගෙන ගොස් ඇතැත් ලැජ්ජාව නිසා පොලීසියට පැමිණිලි කැර නැතැයි දැනගන්නට ඇත.

බලන්ගොඩ වැඩබලන පොලීස් පරීක්ෂක  සනත් කුමාර හා අපරාධ අංශයේ ස්ථානාධිපති ෂෙල්ටන් උඩුවක යන මහත්වරු  වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.