කරච්චි ගුවන් තොටට ත්‍රස්ත ප්‍රහාරයක්


පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන කරච්චියේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට කඩා වැදී පහර දුන් ත‍්‍රස්තවාදීන් 10 දෙනා, පැය 12ක වෙඩි හුවමාරුවකින් පසු මරා දැමීමට එරට ගුවන් හමුදා විශේෂ කාර්ය බළකා සෙබළු සමත් වූහ.

දෙපිරිස අතර ගැටුමේදී ගුවන්තොටේ සිටි 14දෙනෙක්ද මිය ගිය බව ස්ථිර නොවු ආරංචි කියයි.

ත‍්‍රස්තවාදීන් ඉරිදා (08) රාති‍්‍රයේ ගුවන් තොටුපොළට කඩා වැදී ඇත්තේ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ලෙස වෙස්වලාගෙනය. ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ නිල ඇඳුමින් පැමිණි හෙයින් කිසිවකුටවත් ඔවුන් ගැන සැකයක් ඇති නොවු බවත්

ත‍්‍රස්තවාදීන් උත්සහ කර ඇත්තේ ගුවන්තොටුපොළට සහ ගුවන් යානාවලට පහර දීමට බවත් කියති.

 ප‍්‍රහාරයෙන් ගුවන්තොටුපොළේ ගුවන් යානාවලට කිසිදු හානියක් සිදු නොවුණු බවද ගුවන් හමුදාව කියයි.

තුවාල ලබා රෝහල් ගත කළ ගණන 52 කි. මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි යැයි පාකිස්තාන රජය කියා සිටී.

ප‍්‍රහාරයේ වගකීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන ඇත.

මෙම ප‍්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන තලේබාන් සංවිධානය සහ පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ගේ රජය සාම සාකච්ඡා ආරම්භ කිරීමට සූදානමින් සිටින අවස්ථාවකදීය.

කරච්චියේදීය (රොයිටර්)