ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් හා ජාතික කම්කරු පෙරමුණේ පිරිසක් අතර පසුගිය 19 හැටන් කොටගලදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට නුවරඑළිය ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එම්. මලර්වසම් සැප්තුම්බර් 2 වැනි දා තෙක් හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා විසින් රිමන්ඩ් කරනු ලැබීය.
කම්කරු පෙරමුණේ පාර්ලිමේන්තු නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සහ පර්ලිමේන්තු මන්ත්‍රී එස් රාජදොරෙයි මහත්වරුන් ඇතුළු 17 දෙනෙක් ද ලංකා කම්කරු කොංග්‍රසයේ තිදෙනෙක් ද දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබූහ.
මන්ත්‍රීන් දෙදෙනාට රුපියල් විසි පන්දහස බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂය බැගින් ශරිරී ඇප ද නියම විය. ලංකා කම්කරු කොංග්‍රසයෙන් මධ්‍යම පළාත් සභාවට තරග කරන එස්. සත්‍යවෙල් හා එස්. රමේෂ් හා පී උදයකුමාර්ට රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප ද නියම විය.
දිගම්බරම් හා රාජදොරෙයි මන්ත්‍රීන්ගෙ ආරක්ෂකයන් හය දෙනකුට ද කොස්තාපල්වරුන් පස් දෙනකුට ද ආධාරකරුවන් සිව් දෙනකු ද රුපියල් පන්දහස බගින් ශරීර ඇප නියම විය.
මේ දෙපාර්ශවය අතර වූ ගැටුමින් වාහන රැසකට අලාභහානි සිදුවිය. අහසට වෙති තැබිණි. සියලුම සැකකරුවන් උසාවියේ පෙනී සිටියේ දිඹුල පොලිසියේ දැනුම් දීමක් අනුවය.
ඇප නියම කරමින් මහේස්ත්‍රාත් පැවැසුවේ ඇප කොන්දේසි කඩකළ හොත් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වුවත් ඔවුන් රිමාන්ඩ් කරන බවයි.
මෙතෙක් සිදුකළ පරීක්ෂණ විමර්ශන වර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් දිඹුල පොලිසියට නියෝග කෙළේය.