කබල්ලෑ කොරපොතු සමග වෙළෙන්දා අල්ලයි


කබල්ලෑවන්ගේ කොරපොතු තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන යාමට තැත්කල ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය වසර දෙකේදී සිය වතාවකට වඩා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර යාම් ඊම් කැර ඇති 35 හැවිරිදි රෙදි වෙළෙන්දා ගෙන යාමට උත්සාහගත් කබල්ලෑ කොරපොතු තොගයේ බර කිලෝ 2.2 කි. දකුණු ආසියාවේ පමණක් ජීවත් වන කබල්ලෑවා ලෝකයේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සතෙකි. සිරුරේ රෝම දක්නට නැති ගොඩබිම වසන එකම ක්ෂීරපායී සත්ත්වයා වන කබල්ලෑවාගේ පොතුවලට චීනයේත් තායිලන්තයේත් විශාල ඉල්ලුමක් තිබේ.