පුංචි එංගලන්තයක් ලෙස හැඳින්වූ නුවරඑළියේ දේශගුණයද දැන් වෙනස්වී පවතී. වසර ගණනාවක් පැවති එහි දේශගුණය වෙනස්වී නුවරඑළියට ආවේණික නොවූ නුවරඑළියේ දැකගත නොහැකි සතුන් දැන් එහි දැකගත හැකිය.
මොනරුන්ද, කබරුන්ද ඒ අතර වෙති. පසුගිය මාර්තු 31 වැනිදා ග්ලෙන්ෆෝල් වත්තේ සෙබඩක දුටු බව එහි හිමිකරු ලෙස්ලි දොඩම්පෙගමගේ මහතා කියයි.
ග්‍රෙගරි උද්‍යානය අසල සයිප්‍රස් ගසක බෙනයක කබර පැටියෙකුද අප්‍රේල් 23 වැනිදා දැකගත හැකිය.



