කපුවා දෙවොලෙදීම මරයි


කොළඹ මෝදර හැඳල පාරේ දේවාලයක තරුණ කපුවකු (21) පොලුවලින් ගසා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. දෙවොල පවත්වාගෙන ගිය ඔහුගේ නිවසට බලෙන් ඇතුළු වූ පිරිසක් පරණ කෝන්තරයක් මත මේ ඝාතනය සිදුකර ඇතැයිද ඔහු කියයි.