කපුටා ඉන්ධන බෙදීම ප්‍රමාද කරයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දින පහකට පසුව ලැබුණු ඉන්ධන බෙදාහැරීම කපුටකු නිසා පැය භාගයක් ප්‍රමාද වීමේ පුවතක් බණ්ඩාරගමින් වාර්තා වෙයි.

බණ්ඩාරගම සමුපකාර ඉන්ධන පිරවුම් හලට දින පහකට පසු පැට්‍රල්  තොගයක් අද පස්වරුවේ ලැබිණි. ඒවා ලබා ගැනීම සඳහා අති විශාල  පෝලිම්වල රැඳී සිටියහ

පැට්‍රල් බෙදීම ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී ප්‍රදේශයම දෙවනත් කරමින් විශාල පිපිරීම් හඬක් ඇති විය,ඒ සමඟම බණ්ඩාරගම නගරයේම විදුලියද විසන්ධි විය.

සොයාබැලීමේ දැකගැනීමට හැකිවූයේ කපුටෙක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් විදුලිය විසන්ධි වී ඇති බව ය

විදුලි ජනන යන්ත්‍රයක් නොමැති වීමෙන් ඉන්ධන ලබා දීමට නොහැකි විය

විදුලිබල මණ්ඩලයේ සේවකයන් පැමිණ ට්‍රාන්ස්පෝමරය මත සිටි කපුටා බිම දමා නඩත්තු කටයුත්තක් සිදුකර ප්‍රදේශයට විදුලිය ලබාදීමට පියවර ගත්හ