කපිතානුත් මිණිපුරදි මරුට


රත්නපුර පානදුර මාර්ගයේ රත්නපුර නගරය ආසන්නයේ දී අද අලුයම දෙපැයක් ඇතුළත දී අනතුරු දෙකකින් හමුදා කපිතාන් වරයකු සහ විශේෂ කාර්ය බළකායේ හිටපු භටයකු මිය ගොස් අඹු සැමි යුවළක් තුවාල ලැබූ බව පොලිසිය කියයි.

අලුයම දෙකට පමණ කපිතාන් හා හිටපු එස්ටීඑෆ් භටයා ගමන් ගත් යුතුරු පැදිය තාප්පයක ගැටී ඇත.

දෙපැයකට පමණ පෙර තවත් යතුරු පැදියක් කැබ්රියක ගැටීමෙන් යතුරුපැදියේ සිටි අඹු සැමි යුවළ තුවාල ලදහ.