කන්ද ළඟින් යන විට වේගය අඩු කරන්න


දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමනා ගමනය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි එහි නිළධරයෝ කියති. වැලිපැන්න නවුත්තුඩුවේ කඩා වැටුණු මහා කන්දේ පස් ඉවත් කිරීම අදත් සිදු වෙයි. කන්දේ ඉහළ කොටසක් අනතුරු දායක ලෙස ඇති හෙයින් භූ විද්‍යාඥයන්ගේ උපදෙස් ගැනීමට  අධිකාරිය බලාපොරොත්තු වෙයි. මංතිරු වෙන් කෙරෙන යකඩ වැට තවමත් සවිකර නැත. කන්ද කඩාවටුණු මීටර් 200ක දුර වාහන පැදවිමේ දී වේගය අඩුකරන්නැයි එහි ගමනාගමන හා නඩත්තු අධ්‍යක්ෂ පී.කේ. රණතුංග මහතා වාහන හිමියන්ගෙන් ඉල්ලායි.  වාහන හිමියන්ගේ පහසුව තකා එම ප්‍රදේශයේ, අධිවේගී මාර්ග සේවකයෝ යොදවනු ලැබ සිටිති.