කන්තෝරු දුම්රියක් කුරුණෑගලින්


කුරුණෑගල හා කොළඹ කොටුව අතර නව කාර්යාල දුම්රියක් සිකුරාදා (23) සිට ධාවන කරන බව දුම්රිය සේවය කියයි. කුරුණෑගලින් උදේ 6.25ට පිටත්වන මෙම දුම්රිය උදේ 8.38ට කොටුවට ළඟාවන අතර යළි සවස 4.40ට කෙටුවෙන් පිටත් වී සවස 6.45ට කුරුණෑගලට ළඟා වීමට නියමිතය. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම හා දුම්රිය සමාන්‍යාධිකාරී බී.ඒ.ආරියරත්න යන මහත්වරු මංගල ගමනට එක් වීමට නියමිතය.