
(උපාලි මනුෂංක)
පාසල් ළමුන් සඳහා ලබා දෙන දිවා ආහාරය විෂ වීමක් හේතුවෙන් කන්තලේ විද්‍යාලයක සිසුවියන් විස්සකට ආසන්න පිරිසක් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ කන්තලේ මූලික රෝහල වෙත ඇතුළත්කර ඇත්තේ එම විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනම ලබන දරුවන් පිරිසකි.
දිවා ආහාරය සපයන්නා පාසල තුල දී ඔවුන්ට දිවා ආහාරය ලබාදීමත් සමඟ එය අනුභව කළ මෙම සිසුසිසුවියන් පිරිස යම් සංකූලතා පෙන්වීම නිසා ඔවුන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කිරීමට පාසලේ පාලන අධිකාරිය ක්‍රියා කර තිබුණි.
කෙසේ වෙතත් රෝහල වෙත ඇතුළත් කර සිටින සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.


