කන්තලේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රී චන්දන කරුණාතිලක මහතා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (24) එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
එම ප්‍රදේශිය සභාවේ ස්තීර සේවකයකු වන ඔහු පළාත් පාලන මැතිවරණ ආඥා පනත අනුව තරඟ කිරීමට මාසයකට කළින් එම ආයතනයෙන් ඉවත් වීම හෝ නාම යෝජනා බාර දීම සමඟ වෙනත් ආයතනයකට මාරු නොවීම නිසා මේ පියවර ගත් බව මැතිවරණ කොමසාරිස් කියයි.