කන්තලෙත් බඹරු ඇවිස්සෙති


පාසල නිම වී නිවෙස බලා යමින් සිටි කන්තලේ මැදි විදුහලේ සිසුවියන් දෙදෙනකු හා සිසුවකු බඹර ප්‍රහාරයකට ලක්ව කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.