(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරායෙන් බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවෙන් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ හිටපු තවත් ප්‍රධානියකුගෙන් අද (3) ප්‍රශ්න කර ඇත.
එම කන්ටේනර් නිදහස් කිරීමේදී අඩුපාඩු සිදුව ඇතැයි ඔහු එහිදී ප්‍රකාශ කර ඇතැයි කමිටු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාල පාර්ශ්ව පමණක් කැඳවීමටද කමිටුව ඊයේ තීරණය කර ඇත.
කොළඹ වරායෙන් බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවෙන් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ හිටපු ප්‍රධානීන් ඇතුළු දස දෙනෙකුගෙන් පමණ දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙසේ ප්‍රශ්න කෙරුණු පිරිසට හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල සහ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුද අැතුළත් වෙති.
කාරක සභාව එහි සභාපති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්විය.

