කතානායක දෙලොවක් අතර


හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කතානායක කරු ජයසුරිය මහතාට ලිපියක් බාර දී තිබේ.

මේ අතර විපක්ෂනායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායකවරයාට බාර දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.