කතරගම වන්දනාවේ පැමිණි බස්රියටම යටවී දෙන්නෙක් මරුට


කතරගම ඇසල පෙරහර උත්සවයට පැමිණි පිරිසක් තමන් පැමිණි බස් රථය අසල ක්‍රීඩාංගණයේ නිදාගෙන සිටියදී බසය පිටුපසට ධාවනය කිරීමේදී අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

බස් රිය පිටුපසට ධාවනය කරද්දී ඒ අසල නිදා සිටි බස් රියේ පැමිණි තිදෙනකු එයට යටවී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකු රෝහල් ගත කරනු ලබද්දී මියගොස් සිට ඇත.

අනෙක් තුවාලකරු කතරගම රෝහලේ ප්‍රතිකාර ලබයි. මියගිය දෙදෙනා කිලිනොච්චියේ භාරතීපුරම් හි රාමනාදන් පුරම් හි පදිංචිව සිටි වයස අවුරුදු 18ක හා අවුරුදු 41ක පුද්ගලයින් වෙති.