කොළඹ කතරගම බසයකින් රුපියල් දහසේ හොර නෝට්ටු 104 ක් සොයාගත් බස් කොන්දොස්තරවරයෙකු එය අද අලුයම ගාල්ල පොලීසියට බාර දී ඇත.
එස් 60, 303, 244 අංකය සහිත නෝට්ටු 84 ක්, එස් 86,83,100,5 අංකය ඇති නෝට්ටු 20 එහි තිබු බවත් අයිතිකරුවෙකු නොමැති පාර්සලයක් ලෙස සලකා එය පොලිසියට බාර දුන් බවත් පොලීසිය කියයි.

