ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා
රුහුණු කතරගම මහා දේවාලයට කඩා වැදුණු තිස්දෙනකුගෙන් පමණ පිරිසක් එහි දොරගුළු දමා ඒවායේ යතුරු රැගෙනපලායාම හේතුවෙන් අද (22) අලුයම 4.30 සිට පවත්වන්නට සැලසුම් කර තිබූ පූජා කටයුතු සිදු කිරීමට නොහැකිව බැතිමතුන් 500ක් පමණ පිරිසක් අපහසුතායට පත්ව සිටිති.
අද අලුයම 4.20ට පමණ දේවාලයට කඩා වාදුණු සිදු කමීස සහ කළුකලිසම් හැඳගත් පිරිසක් මෙසේ දේවාලයේ දොරගුළු දමා ඉබි යතුරු පැහැරගෙන ගොස් තිබේ. තේවාව සිදු කරන කපු මහතුන් අතර ඇති වූ ආරවුලක් මීට හේතු වී ඇති බව බැතිමත්හු පවසති.

