කතරගම ගම් උදාව රජ මාවතේ ලෙන් විහාරයේ ඓතිහාසික ටැම් ලිපිය කඩා බිඳ දමා විනාශ කැර ඇත.
කිර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා විසින් රුහුණේ වැසියනට අවවාද කරනු සදහා එවකට මානවුළු පුරය (වර්තමාන අම්බලන්තොට රම්බා විහාරය) සිට පොළොන්නරුව දක්වා වැටී තිබුණු මාර්ගයේ ගව්වෙන් ගව්ව ටැම් ලිපි පිහිටුවා තිබිණි.
රජුට මුහුණ දීමට සිදු වු බාදාවන් මෙන්ම එවකට රාජ්‍ය තත්ත්වය නිවැරැදිව හදුනාගැනීමට මෙම ටැම් ලිපි පිහිට වු බව කියති.
දැන් ඉතිරි වී ඇත්තේ ටැම් ලිපි කතරගම ප්‍රදේශයටටම දැන් ඉතිරි වී ඇත්තේ ටැම් ලිපි දෙකකි. සෙල්ලකතරගම ඓතිහාසික වතුරුවා රජමහා විහාරයේ ටැම් ලිපිය සහ කතරගම කෞතුකාගාරයේ ටැම් ලිපියයි.