කණ්ඩලම මිදි කන්න කන්න රසයි


දඹුල්ල කණ්ඩලමේ ගොවීහූ 15 දෙනෙක් මෙවර මිදි වැවූහ. අස්වැන්න සරුවිය. මිදි ඇඹුල් නැත. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එක් ගොවියකුගේ මිදි නෙළීමට හවුල් විය. කණ්ඩලමේ මිදි වගා කළ ප‍්‍රථම අවස්ථාව මෙයයි. මිදි කිලෝවක තොග මිල රුපියල් දෙසීයකි. කොළඹ මිල එමෙන් තුන්ගුණයකටත් වැඩිය.