කඩු පොලු රැගෙන ආ පිරිසක් ළමා නිවාසට හානි කරලා


තිලකරත්න දිසානායක
පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් යොමුකරන දරුවන් රඳවා තබන ගම්පහ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක කඩු පෙලු රැගත් පිරිසක්  විසින් කළ පහරදීමකින් එහි පාලිකාවකට සුළු තුවාල හා  දේපළවලට හානි සිදුවී ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
ළමා නිවාසයට දානය දීමට ආ පිරිසක් සමග ගමේ පිරිසක් අතර ඇති වූ සිද්ධියකින් පසු මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි. සම්බන්ධයෙන් මේවන තුරු කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.