කටුනායක සේවකයන්ට 16000ක්


කටුනායක ගුවන් තොටේ සේවක වර්ජනය අවසන් විය.

ජනපති කාර්යාලයයේ විශේෂ නියෝජිතයකු ද, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න, ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්  වෘත්තීය සමිති සමග ගුවන්තොටේ දී  සාකච්ඡා කිරීමෙන් පසු වර්ජනය අවසන් විය.

මාසික දීමනාව ලෙස ඔක්තෝබර හා නොවැම්බර මාසවලට රුපියල් 8000 බැගින් රුපියල් 16000ක් වහාම ගෙවීමට පාලකයෝ යෝජනා කළහ. සේවකයෝ එය පිළිගත්හ. සෙසු ඉල්ලීම් සතියක් ඇතුළත සලකා බලා තීරණයක් ගැනීමටත් දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළේය.

සේවකයන්ගේ ඉල්ලීම වූයේ මාසික දීමනාව රුපියල් දස දහසක් විය යුතු බවයි.

තම ඉල්ලීම් දිනා ගත් බව කියමින් සේවකයෝ සිය උද්දාමය පළ කළහ. ඒ අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරීට සේවකයෝ පිරිසක් බාධා කළහ. ඡායාරූප නොගෙන පිටවී යන්නැයි බල කළහ.

DSCF1390 DSCF1391 DSCF1392 DSCF1393