කටු පොලේ මාථවාට කටුව ගහයි


උඩුගම නාකියාදෙණියේ ඔයිල් පාම් (කටු පොල්) කම්හලක අපද්‍රව්‍ය මාළු දොළට මුසුවීමෙන් මසුන් මැරෙතියි උඩුගම ප‍්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි කාර්යාලය කියයි. දොළේ ජලයද කළු පැහැ ගැන්වී ඇත. කම්හලේ ප‍්‍රකාශකයකු කීවේ අපද්‍රව්‍ය නළයක් හදිසියේ පිපිරීමෙන් අපද්‍රව්‍ය දොළට මුසු වූ බවයි.