( තිළිණි ද සිල්වා )
කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග‍්‍රහය යටතේ එරට පවත්වාගෙන යන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ බැංකු ගිණුමේ මුදල් ඉවතට ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙසට එරට ශ්‍රීලංකා තානාපතිවරයා එම බැංකු ගිණුම පවත්වාගෙන යන බැංකුවට දැනුම් දී තිබේ.
කටාර් රාජ්‍යයේ ලාභ නොලබන පාසලක් ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග‍්‍රහය ලැබුණද තානාපති කාර්යාලයේ දැනුවත් වීමකින් තොරව ,එම පාසලේ සිදුවන ඇතැම් ක‍්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එසේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතෙක් තමන්ගේ අවසරයකින් තොරව එම පාසල් ගිණුමේ මුදල් ගැනීම මෙලෙස අත්හිටුවූ බව කටාරහි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

