( දිල්රුක්ෂි ග්‍රේරු )
මෙරව ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ තොරතුරු ඇතුළත් කරමින් විවිධ ස්ථානයන්හි ප්‍රදර්ශනය කරනු ලබන බැනර්, පොස්ටර් ඇතුළු ප්‍රචාරක දැන්වීම් සියල්ල ඉවත් කරගත යුතුබව ප්‍රධාන පක්ෂ සියල්ලට ලිඛිතව දැනුම් දී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
පසුගිය 30 වැනිදා ලිඛිතව මෙය යොමු කර ඇති අතර ඊයේ ( 01) වන විට එම ප්‍රචාරක දැන්වීම් සියල්ල ඉවත්කළ යුතු බවටද එහි දන්වා තිබේ.
මේ වන විටත් ඉවත් කර නොමැති ප්‍රචාරක දැන්වීම් ගලවා ඉවත් කරන ලෙස අද (02) සවස ප්‍රධාන පක්ෂ නියෝජිතයින් කැඳවා උපදෙස් ලබා දෙන බවද කොමසාරිසවරයා සඳහන් කළේය.

